චන්ද්‍රසේනට කෑම පිටින් බෑ


(සුජිත් හේවාජුලිගේ)

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලීමක් බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තාවේ.

ඔහුගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවතින හෙයින් පිටතින් කෑම ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බන්ධනාගාර  ප්‍රධානීන් පෙන්වා දී ඇත.

බීජ ඇට බෙදා හැරීමෙන් මුදල් අව භාවිතාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.