(රංජන් කස්තුරි)
2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වෙනස් කර ඇත්දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛණයේ ලකුණුදීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් කර ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම උලදෙස් ලබදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රේඛීය අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට පළාත් සභාවකට හැකියාවක් නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.