ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තු විවාදය විනාඩි 5 කට නවතී


(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය විනාඩි 5 ක කාලයක් නවතා දැමීමට මුලසුනෙහි සිටි හේෂාන් විතානගේ මන්ත්‍රීවරයාට සිදුවිය.

ඝන පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය.

ඒ අනුව ඝන පූර්ණය සම්පූර්ණ වන තුරු පස්වරු 5.30 සිට 5.35 දක්වා තාවකාලිකව විවාදය නැවතිණි.