ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
නියමිත ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තු රැස්වීම පැය 2 යි විනාඩි 15කට පෙර අවසන් විය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (12) විවාදයට ගැනිණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සභාවේ ඝණ පූර්ණය නොමැති බව පෙන්වා දුන් අතර එම අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරිය ද සභාවේ සිටියේ නැත.
මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනු විනාඩි 5ක් නාද කළද සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9ක් පමණක් වන අතර ගන පූර්ණය සම්පූර්ණ වීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 20 ක් නොමැතිවීම හේතුවෙන් කටයුතු නවතා දැමීමට මුලසුනෙහි සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තීරණය කළේය.
ඒ අනුව පස්වරු 6.30 ට අවසන් වීමට තිබූ පාර්ලිමේන්තු රැස්වීම පස්වරු 4.15ට අවසන් විය.

