ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි


(ජයරත්න වික්‍රමාරච්චි)

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩබලන කළමනාකරු ජී.එස් .ධර්මකීර්ති මහතා පැවසීය.

මෙම එක් ගොවියකු සම්බා වී කිළෝ ග්‍රෑම්ස් 398ක් සහ අනෙක් ගොවි මහතා නාඩු වී කිළෝ ග්‍රෑම්ස් 610ක් අලෙවි කළ බවත් ඒ මහතා පැවසීය .

දිවයිනේ බොහෝ ප්‍රාදේශවල වී ගබඩා වී  දින කිහිපයක සිට  විවෘතකර තිබුණද ගොවීන් මෙතෙක් වී ලබාදී තිබුණෙ අම්පාර ප්‍රාදේශයේ ගබඩාවකට බව වාර්තා විය.