
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)
මීරිගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ලෝලුවාගොඩ පිහිටි ලොල්ලන් පොත්ත වෙල්යායේ ගොඩ කර ඇති බව කියන කුඹුරු කොටස් වහා පිළිසකර කර වී ගොවිතැන සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් සුජිත් ප්‍රේමරත්න මහතා ඉඩම් හිමියන් වෙත අද (4) නියෝග කළේය.
ප්‍රදේශයේ ගොවි සංවිධාන සාමාජිකයන් හා ජනතාව විසින් කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා සහකාර කොමසාරිස්වරයා ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් පසුව තොරතුරු පදනම් කරගෙන මෙම නියෝගය නිකුත් කළේය.
කුඹුරු අක්කර දෙකහමාරක පමණ භූමි භාගයක් කලක් තිස්සේ පුරන් වී ඇති බව මෙහිදී අනාවරණය විය. මෙම කුඹුරු ඉඩම් වලට ආසන්නයේ පවත්වාගෙන යන ඌරු කොටු ඉවත් කිරීමට වහා පියවර ගන්නා ලෙසද ඉඩම හිමියන්ට ගොවිජන සේවා කාර්යාලයේ නීති නිලධාරිනි වසන්ත අබේකෝන් මහත්මිය උපදෙස් දුන්නාය .
ඉඩම් පිහිටි ප්‍රදේශය නිරීක්ෂණය කළ සහකාර කොමසාරිස් සුජිත් ප්‍රේමරත්න මහතා දැනට පුරන් වී ඇති කුඹුරු ඉඩම් ඒවායේ හිමිකරු විසින් වගා කිරීමට පියවර ගන්නේ ද යන්න විමසා සිටි අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඉදිරිපත් වන ගොවීන් වෙත ලබා දීමට සිදුවන බව ද මෙහි දී දැනුම් දෙනු ලැබීය.
ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ ඉඩම් හිමිකරු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් ප්‍රකාරව සියලු කුඹුරු ඉඩම් වගා කිරීමට පොරොන්දු වීමෙන් පසු එසේ කටයුතු කරන ලෙසට සහකාර කොමසාරිවරයා නියෝග කළේ ය.
ප්‍රදේශයේ ජනතාව සමඟ අතුබෝ දේ ධම්මකිත්ති හිමියන් සහභාගී වූ අතර මීරිගම පොලීසියේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




