ගෙවුණ පැය 24 දී ඇදිරිනීතීය කැඩූ 809 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතීය පැනවීමෙන් පසු ගෙවුණු පැය 24 තුලදී පුද්ගලයන් 809 අත් අඩංගුවට ගෙන වාහන 166 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
ඉකුත් 20 වැනි දින සිට අද අලුයම 6 දක්වා අත් අඩංගුවට ගත් මුලු පුද්ගලයන් ගණන 6850 වන අතර වාහන 1643 පොලිස් බාරයට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කරයි.