(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට අද (17) පස්වරු 6.30 ට වෙළෙඳ අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව කල්දැමූ බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම සාකච්ඡාව ලබන සඳුදා (21 වැනිදා) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිත බව ද එම නිලධාරියා පැවසීය.

