ගුවන් සෙබලා ගිනි අවිය විකුණන්න හදලා


(ඉන්දිකා රාමනායක,ශ්‍රීනාත් ප්‍රසන්න සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)

සීගිරිය  ගුවන් හමුදා කඳවුරෙන් සොරාගන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ මැගසින් දෙකක් රුපියල් ලක්ෂ 4 1/ 2 ක මුදලකට  අලෙවි කිරීමට තැත්කළ ගුවන් හමුදා භටයකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සංවිධානාත්මක අපරාධ හා  මනුෂ්‍ය  ඝාතනය  විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (1) දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ගනු ලැබීය.

මෙම  ගිනි අවිය සැකකරුගේ ප්‍රකාශ අනුව  දඹුල්ල රිදියගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත..

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු  සීගිරි ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි  නායක ගුවන් භටයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඉකුත් වසරේ නොවැම්බර් මස 03 දින  එහි මුරපොළක රාජකාරියේ නිරත ගුවන් භටයකු  සතුව තිබු  මෙම ගිවි අවිය හා මැගසින් දෙක සැකකරු විසින් සොරාගෙන ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  සීගිරි පොලිසියට ලද පැමිණල්ලක්  පොලිස්පතිවරයා විසින් එහි  විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්යහ ඝාතන කොට්ඨාසය වෙත භාරදී ඇත.