(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා අද (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එයට අදාළ ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා වෙත ඊයේ යොමු කර ඇත.
රෝහණ දේව පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ විද්වත් කමිටු නිර්දේශය මත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය සඳහා රෝහණ දේව පෙරේරා මහතා පත් කරන ලදී.

