ගුවන් යානා මිලට ගැනීමේ දී වූ අක්‍රමිකතා ගැන සොයන්නැයි ජනපතිගෙන් නියෝග


(නාලක සංජීව දහනායක)

ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත.

ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම සමඟ කළ ගනුදෙනුවේදී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූත්‍ය වංචා පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තා අද (2) සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක හා අන්තර් ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණි.

එම චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා එහි ප‍්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇත.