
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම අනතුරැ සහගත හෙයින් එසේ කටයුතු කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවට අනතුරු ඇඟවීමක් කළේය.
මේ අනුව කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීන වරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වවුනියා, වීරවිල සහ මත්තල ගුවන් ධාවන පථ ආශ්‍රිතව මෙසේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව දැනුම් දෙයි.
ගුවන් පථ ආශ්‍රිතව කෙරෙන සරුංගල් යැවීම් ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇතැයිද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
මේ දිනවල සරුංගල් යැවීම කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේද විනෝදාංශයක්වී ඇති හෙයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

