ගුවන් අනතුරැ වළක්වන පෙරහුරැවක්


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට අයත් සාගර සහ ගුවන් අවකාශය තුළ යම් අනපේක්ෂිත අන්දමින් ගුවන් යානයක් අතුරුදන්වීමකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක ඒ වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබද ශ්‍රී ලංකාවේ පළමු වරට තෙදින ඒකාබද්ධ වැඩමුළුවක් අද (03) උදෑසන කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණ

මෙම වැඩමුළුව සහ පුහුණු අභ්‍යාසය ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධාන කෙරිණ

මීට  ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් හමුදාව, නාවික හමුදාව, යූධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හ ධීවර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ෆිට්ස් එයාර් ගුවන් සේවය, සිනමන් එයාර් ගුවන් සේවය සේවය ඇතුළු රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සහ සංවිධාන 21 ක නියෝජිතවරු  75ක  පිරිසක් සහභාගී  වූහ

පළමු වරට ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මෙම අභ්‍යාසය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ නිර්දේශ වලට අනුව සිදුවන්නකි.