
(අමදෝරු අමරජීව)
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලේ දිගු කලක සිට පවතින ගුරු හිඟයට පිළියම් යොදන ලෙස ඉල්ලා සිසූහු හා මව්පියෝ ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගය මොල්ලිපොතාන මංසන්ධියෙන් හරස් කර අද (27) පෙරවරුවේ විරෝධතාවයක නියැලුණහ.
මේ නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවු අතර තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ එක් මං තීරුවක් විවෘත කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දීම සිදු කෙරිණි.
මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාල ජාතික පාසලට විදුහල්පතිවරුවෙකු නොමැති අතර හිටපු විදුහල්පති ස්ථාන මාරුවීම් ලබා ගොස් ඇති බවන් මේ හේතුව නිසා පාසලේ පරිපාලන ආක්‍රමවත් බවත් දෙමාපියෝ පැවසූහ. විද්‍යාව ,ගණිතය, ඉංග්‍රීසි පුරවැසිය අධ්‍යාපනය යන විෂයන්වලට දිගු කලක සිට ගුරු පුරප්පාඩු පවතින බවද දෙමාපියෝ පෙන්වා දුන්හ.


