ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කළ සිසුන් දෙදෙනා මාට්ටු


(ෂේන් සෙනෙවිරත්න )

පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ විජය විද්‍යාලයට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධකොට සමාජ මාධ්‍යයට මුදා හල බව කියන එම විදුහලේ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම තරුණ ගුරුවරිය නැටුම් ගුරුවරියක ලෙස පුහුණුවීම සඳහා එම විදුහලට අනුයුක්ත කොට ඇති අතර ඇයගේ නිරුවත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනු දැක ඇය ඒ සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .