
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී පමණක් සීනි කිලෝ කෝටි දාහතරක් ආනයනය කර ඇතැයි පැවසු අමාත්‍යවරයා ඊට දෙකෝටි හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.

