ගිනිගත්හේන නගරයේ උද්ඝෝෂණයක්


(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

වැඩි කල ඉන්ධන මිල , රටේ පවතින රසායනික පොහොර හිගය සහ ජිවන බර ඉහල යාම මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද (22) දින ගිනිගත්හේන නගරයේදි උද්ඝෝෂණයක නිරත වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතා ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ගිනිගත්හේන නගර මධ්‍යයේදි පැවැත් වු මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතා මෙසේ කියා සිටියේය.

ජනතාවට ජිවන බර වැඩි වෙලා දරා ගන්නා බැරි වෙලා තියෙනවා, තෙල් මිල වැඩි කරලා ජනතාවට දරා ගන්න බෑ . කොරොනා සමය තුල ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා එන්නත්කරණය සාර්ථකව කර ගන්න. අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා , ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා දරුවන්ට ඔන්ලයින් අධ්‍යපානය ලබාදෙන්න සුදුසු වැඩපිලිවෙලක් යොදන්න.

ගොවියගේ නිෂ්පාදනයට අවශ්‍යය පොහොර ටික දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. පොහොර වලට අවිද්‍යාත්මක වැඩ පිලිවෙලක් ගෙන්නලා තියෙනවා. ඒක හරියට කලිසම මහන්න කලින් සරම ගලව ගත්තා වගේ වැඩක්.