ගිනිගත් නෞකාවේ කළු පෙට්ටියේ දත්ත තවදුරටත් විශ්ලේෂණයට


(ඉන්දිකා  රාමනායක)

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවේ  සන්නිවේද , පණිවඩ හුවමාරු පටිගත වී ඇති උපකරණය (VDR)  ඇති දත්ත තවදුරටත්  විශ්ලේෂණය කිරීම සඳහා එම උපකරණය නිෂ්පාදනය කළ මව් සමාගමේ  සහය ලබා ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

රජයේ රස පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් කර තිබූ දැනුම්දීමකට අනුව අදාළ මව් සමාගම    සමඟ සන්නිවේදන කටයුතු සිදුකරමින් පවතින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය .

එම නිෂ්පාදන සමාගමේ සහය අනුව  VDR  උපකරණයේ පටිගත වී ඇති දත්ත සම්බන්ධයෙන්  හොදින් විශ්ලේෂණය කළ හැකි  බවද හෙතෙම කියා සිටියේය.

මෙම VDR  උපකරණය පරීක්ෂණ සඳහා ඉකුත් (5) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි.

එක්ස්ප්‍රස්  පර්ල් නෞකාවේ සිද්ධිය  සම්බන්ධයෙන් මේ වන විට වනවිට   නෞකාවේ කපිතාන්, ප්‍රධාන ඉංජිනේරු, ප්‍රධාන නිලධාරී නිලධාරීන් ඇතුළු පුද්ගලයන්   32  ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත්   නෞකාවේ  දේශීය  ඒජන්ත  සමාගමේ  නියෝජිතයින් ගෙන් ද  ඉදිරියේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය..