
(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාව සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වීය.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් යන මහත්වරුන් සමග විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ හානිය සදහා රුපියල් මිලියන 720ක වන්දි මුදලක් මේ වන විට මහ බැංකුවට ලැබී ඇති බවත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන් රුපියල් මිලියන 420ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති බවත් ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා මෙහිදී සදහන් කළේය.
සාගරයේ ගිලී තිබූ නෞකාවේ තිබූ කන්ටේනර් ඇති ස්ථාන හදුනාගැනීම පිළිබදව කටයුතු කරමින් සිටින අතර, ඒ සදහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත් පවතින අයහපත්කාලගුණ තත්තවය එම කටයුත්තට යම් ප‍්‍රමාදයක් ඇති කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම වන්දි ලබා ගැනීමේ කි‍්‍රයාවලියේ නිතීමය කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර රක්ෂණ සමාගම සමග කටයුතු කරන බැවින් හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේදී අප රටට හිමිවිය යුතු හිමිකම්පෑම සදහා ජාත්‍යන්තර නිතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඇතිව එම නිතීඥ සමාගම තෝරා ගැනීම සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහඳපුර, ජනාධිපති නිතීඥ චන්දක ජයසුන්දර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලිප් වෙදආරච්චි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, නිරෝෂන් පෙරේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



