ගිනිඅවිය ගෙනා නීතිපොත


(යොහාන් භාසුර, ළහිරු හර්ෂණ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී අද (19) පෙරවරුවේ ඝාතනයට ලක්වූ පාතාල නායක සංජීව කුමාර සමරරත්න නොහොත්  ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ පුද්ගලයා  පිස්තෝල වර්ගයේ ගිනි අවිය ඔහු අත තිබූ පොතක සඟවාගෙන පැමිණ ඇති බව පොලිසිය පවසයි. 

'අපරාධ නඩු විධාන සංග්‍රහය' පොත පිස්තෝලය ආකාරයට හාරා එහි පිස්තෝලය සඟවා ගෙන ගෙනවිත් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා කීය. 

නීතිඥවරයකු ලෙස පෙනී සිටි වෙඩික්කරු විත්ති කූඩුවේ සිටි ගනේමුල්ලේ සංජීව අසලටම පැමිණ වෙඩි තැබූ බවද ඇසින් දුටුවෝ පවසති. ​