ගිනි අවිය සමග කඳවුරෙන් පැන්න සෙබළා අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

පලෙයි අයිය කච්චි පලමුවන යාන්ත්‍රීක බලඇණියට අනුයුක්තව  සේවය කරමින් සිටි හමුදා සෙබලෙකු රාජකාරි ටී 56 ගිනි අවිය සහ  උණ්ඩ  120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි.

සෙබලා කඳවුරේ 03 වන ගේට්ටුව අසල ඊයේ මුර රාජකාරියේ යොදවා සිටියදී ඔහු මෙලෙස ගිනි අවිය රැගෙන කඳවුරෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් සැකකරු පසුපස හඹා විත් අරවියර් නගර් ප්‍රදේශයේ දී සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.

 පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි