
(කේ. බුද්ධික කුමාරසිරි)
මාලබේ පොලිස් ස්ථානය තුළදී අද (07) දින උදෑසන ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී මෙලෙස අත්වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කරඇත.
වෙඩි වැදුණු පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

