ගිනි අවිය පත්තු වී දඩයක්කරු මරුට


(පද්මසිරි ගාර්දියවසම්)                 

බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන සතුන් දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී රදනිආර  කේ.ඩී.සිල්වා මාවත අසලදී  ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් අද(15) අලුයම එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය පැවසීය . 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ කිරම ,රදනිආර ,තලගහවත්ත ලිපිනයේ පදිංචි පේදුරු ආරච්චිගේ දිනුර මංජුශ්‍රී නමැති 33 හැවිරිදි තිදරු පියෙකි .

බෙහෙත් කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වනවිට එය ජීවිතක්ෂයට පත්  පුද්ගලයාගේ ඉනේ සගවා ගෙන  පැමිණ  ඇතැයි පොලිසිය පැවසීය .  වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය වනවිට ජීවිතක්ෂයට පත් පුද්ගලයා සමඟ ගමන් කළ අනෙක් පුද්ගලයා  කිරම රදනිආර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .