
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමඟ කටුනායක හීනටියන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
එම සැකකරු සමග 9 එම් එම් වර්ගයේ ජීව පතුරොම් 47 ක් , බෝර 12 වර්ගයේ ගිනි අවි 2 ක් හා හිස් පතුරුම් ගැබ් දෙකක් , විදෙස් රටකනිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් , හිස් පතුරොම් ගැබ් හතරක් , වාහන අංකතහඩුවක් , රක්ෂණ කාඩ් පතක් ,ගිනි අවි අලුත් කිරීමේ කුවිතාන්සි පත්‍ර තුනක් , විදෙස් රටක නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවි දෙකක්, හිස් පතුරුම් ගැබ් දෙකක් , පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන මිනුවන්ගොඩ හීනටියන පදිංචිකරුවෙකි්.
සැකකරු මෙම ගිනි අවි යොදාගෙන අපරාධ සිදුකර ඇද්ද ? සංවිධානාත්මක අපරාධ කල්හි සඳහා ලබා දී ඇද්දයන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය.

