ගෑස්මිල ගැන තවම තීරණයක් නෑ


(ඩයනා උදයංගනී)   
                                  
ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.

ගෑස් මිල ඉහළ නැංවිය යුතුද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ගෑස් මිල වැඩිකරන ලෙස ඉල්ලීමක් ඇති නමුත් බලශක්ති හෝ වෙළඳ අමාත්‍යාංශ මගින් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.