ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි - ලාෆ් සභාපති


(ශිරාන් රණසිංහ)

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්සියයකින් නැවත වැඩි කළ යුතු යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

මීට අදාල ඉල්ලීම පාරිභෝගික අධිකාරියට යොමුකර ඇතැයි ඒ මහතා කියා සිටි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළයෑම නිසා ගෑස් මිලද ඉහළ දැමීය යුතුය ඇතැයි ඒ මහතා කීය.

බොරතෙල් මිල ඉහළ යෑම ගෑස් කර්මාන්තයට දැඩි සේ බලපාන බැවින් ගෑස් මිල ඉහළ දැමීම අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.