(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ සිටිති
මීට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට අනිද්දා (6) කැඳවා ඇතැයි එම කමිටුව පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්වීමට නියමිතය.
මේ අතර ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝපා ) අද (5) කැඳවනු ලැබ සිටිති.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්වීමට නියමිතය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) රැස්වීමට නියමිතය.
එයට අමතරව, රජයේ මුදල් කාරක සභාවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වන අතර එම කමිටුව හමුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳවා ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.