ගෑස් මෙට්‍රික්ටොන් 2,500 ක් සති අන්තයේ එනවා


(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් එළඹෙන සති අන්තයේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට අද ළඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3950 ක තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසුව ගොඩබෑම ආරම්භ කළ බවත් හෙට සිට සිකුරාදා දක්වා දිනකට සිලින්ඩර 50,000 ක් බැගින් බෙදාහැරීම ආරම්භ කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම ගෑස් සිලින්ඩර ප්‍රමාණයෙන් සියයට 60 ක් එනම් සිලින්ඩර 30,000 ක් කොළඹ සහ ගම්පහ නගර ප්‍රදේශවල බෙදා හැරීමට නියමිත බවත් බෙදාහැරීමේ ලැයිස්තුව ලිට්‍රෝ සමාගමේ වෙබ් අඩවියන් ලබාගත හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.