
(දිලංගා ගෝමස්)
දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
දෙහිවල ගාලුපාරේ වෛද්‍ය පාර ආසන්නයේ ඇති ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ අද උදෑසන සිට ගෑස් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සහිත දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර එම පෝලිමේ රැදී සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා සිහිසුන් වී ඇතැයි පොලිසිය පවසයි.



