
(සුජිත් හේවාජුලිගේ )
රට පුරා ඇති බේකරි හත් දහසෙන් 3500 ක් පමණ ගෑස් ප්‍රශ්නය නිසා වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවැසීය.
මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් සෙසු බේකරි ද වැසි යනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගෑස් ප්‍රශ්නයට අමතරව පිටි මිල ඉහළ යෑම, පිටි හිඟය , ෆාම් ඔයිල් තහනම සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යෑම යනාදී හේතුද බේකරි වැසී යාමට බලපා ඇතැයි එම සංගමය සඳහන් කරයි.

