ගෑස් ඉල්ලා අදත් තැන තැන විරෝධතා


(යොහාන් භාසුර)

රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.

නාවින්න, කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී ජනතාව ගෑස් ඉල්ලා නොසන්සුන්කාරීව හැසුරුණහ.

පොලිසියේ මැදිහත්වීමෙන් ගෑස් බෙදාහරින බවට කළ නිවේදනය අනුව කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිට විශාල ජනකායක් රැස්ව සිටීමෙන් මාර්ග යම් තදබදයක් ද ඇති විය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)


කොම්පඤ්ඤවීදිය පොලීසිය අසල ගෑස් ඉල්ලා විරෝදය