ගෑස් ආනයනයටත් ඩොලර් හරහට හිටී


(යොහාන් භාසුර)

ණයවර ලිපි නිකුත් කිරීම සඳහා බැංකුවලින් ඩොලර් මුදානොහැරීම නිසා රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ ගෑස් සමාගමට ද ණය පදනම මත ගෑස් ලබාගැනීමට සිදුවී ඇති බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ සමාගම ඇනවුම් කර ගෑස් මෙටි්‍රක්ටොන් 3200 ක පමණ තොගයක් පසුව මුදල් ලබාදීමේ එකඟතාව මත ලබාගත් බවත් ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් එම නෞකාවේ ගෑස් තොගය ගොඩබෑම දින කීපයක් ප්‍රමාද වූයේ නම් රටතුළ දැඩි ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ තිබූ බවත් එම නිලධාරියා කීය.

ගෑස් සම්බන්ධයෙන් ද ඉදිරියේදී ඩොලර් ප්‍රශ්නය බලපෑම් කරනු ඇති බව ද එම නිලධාරියා වැඩි ද දුරටත් සඳහන් කළේය.