
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගැඹුරු මුහුදේ කිමිදී විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත ඥාති සහෝදරයන් දෙදෙනෙකුගෙන් අයෙකු ගල් පරයක සිරවී මිය ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස්ඇත්තේ බල්ලවත්ත ප්‍රනාන්දු පාර පදිංචිව සිටි ජෝජ් සෙල්වම් ශෙහාන් ඇන්තනි (27) යන අයයිෙපුරුද්දක් ලෙස විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත ඔවුන් දෙදෙනා ඉකුත් (10) රාත්‍රී 11 ට බම්බලපිටිය මුහුදු තීරයෙන් අඩි 10 ක් පමණ යටට කිමිදී මීටර් 10ක් පමණ පරතරයෙන් පීනා යමින් සිටියදී පැය තුනකට පමණ පසු එක් සහෝදරයකු ආපසු හැරී බැලීමේදී පසු පසින් පිහිනා පැමිණි ඥාති සහෝදරයා පෙනෙන්නට නොවීම හේතුවෙන් ගොඩබිමට පැමිණ ඔහු පිළිබඳ සෝදිසි කර පෙනෙන්නට නොවීම හේතුවෙන් නැවතත් මුහුදේ කිමිදී සොයා බැලීමේදී ඔහු ගල්පරයක් අතර සිරවී සිටිනු දැක ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් ඉකුත් (11) දින ගල්පරයක් අතර සිරවී සිටි ඔහුගේ මළ සිරුර ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.

