
(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදිත ගර්භණී මවුවරුන් 500 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
කොවිඩ් ආසාදිත ගර්භණී මවුවරුන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් බවද ඇය සඳහන් කළාය.
කොවිඩ් වැළඳුණු ගර්භණී මවුවරු 60 දෙනෙක් ගිය වසරේදී මරුමුවට පත්වූහ. කොවිඩ් ආසාදිත එකම ගර්භණී මවක හෝ මේ වසරේ මේ දක්වා මියගොස් නැතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබා මාස තුන ඉක්මවූ ගර්භණී මවුවරුන්ට තෙවැනි මාත්‍රාව ලබා ගත හැකි බවද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.
මේ අතර ගර්භණී මවුවරුන් රැසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බවත් දින කීපයක් තිස්සේ උණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙස ගර්භණී මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඇය කීවාය.

