ගැටුමකින් හතරක් රෝහලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි

ඇතිවූ ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකටද බරපතල අලාභ සිදුවී ඇත

මිල්ලනිය බැල්ලන්තුඩාව ධම්මානන්ද මාවතේ  වෙළඳසැලක් ඉදිරිපිටදී කඩු සහ මන්නා වලින් එකිනෙකට පහර දීගෙන මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත