ගැටලුවට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුවේ - රනිල් වික්‍රමසිංහ


මෙම ගැටළුව විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවේ දී බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී මීට ටික වේලාවකට පෙර පැවැති මාධ්‍ය හමුවකදීය.
 
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය පරාජය කරමින් තමාට බහුතරය ඇති බව පෙන්වා ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
 
 ‘‘ මම ඔබ අමතන්නේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය අනුව අගමැති මමයි.  මම තනතුරේ ඉන්නවා.   ව්‍යවස්ථාව අනුව කවරුත් පත් කරන්න බෑ.  විශ්වාස භංගය වෙලාවේ මම බහුතරය පෙන්නුවා. බහුතරයක් තියෙනවා කියලා කවුරුන් හෝ කියනවා නම් ඔහු පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්විය යුතුයි. සම්ප්‍රදාය එයයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාත්  වගකිව යුතුයි. මෙය පාර්ලිමේන්තුවේදී විසඳාගත යුතු ප්‍රශ්නයක්. මට කවුරුත් එක්ක වැඩ කරන්න ප්‍රශ්නයක් තිබුණේ නෑ. මම අගමැති ලෙස වැඩ කරගෙන යනවා.‘‘

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි