(සුජිත් හේවාජුලිගේ )
ද අයිලන්ඩ් සහ සන්ඩේ අයිලන්ඩ් ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘ ලෙස කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි වීරකෝන් මහතා පෙරේදා(11)අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යනවිට 82 වැනි වියේ පසුවිය.
ලේක්හවුස් ආයතනයට 1960 දී මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වූ වීරකෝන් මහතා 1985 වර්ෂයේදී "ද අයිලන්ඩ්" පුවත් පතට ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස පත්විය.
ඉන්පසු නියෝජ්‍ය කර්තෘ තනතුරට පත්වීමෙන් පසු ප්‍රධාන කර්තෘ තනතුරට උසස් කෙරිණ ඉන්පසු ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ උපදේශක කර්තෘ වරයා ලෙසද කටයුතු කළේය.
ලෝක පුවත් සහ සති අග විශේෂාංග රචනයේ විශේෂ හපන්කම් දැක්වූ ගාමිණි වීරකෝන් මහතා කර්තෘ සංසදයේද පුරෝගාමී සාමාජිකයෙකි.
වීරකෝන් මහතා ගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඊයේ සිදු කෙරිණි.

