ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි , ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන්)

ග්‍රෑන්ඩ්පාස්  සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ  තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන ගොතා අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත මෙම වැඩි තැබීම් සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයය වී ඇත.

සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක්, වෙඩි තැබීම සඳහා යොදාගත්  සොරාගත් නවීන පන්නේ යතුරුපැදියක් ද  පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු 2010 වර්ෂයේදී යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.