ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පැටලෙයි


(ගයාන් සූරිය ආරච්චිසහ ප්‍රදීප් කුමාර)

ඉඩමේ පවතින පොල් ගස් තුනක් කපා ඉවත් කර ගැනීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් අයදුම් පත්‍රයට අත්සන යෙදීම සඳහා රුපියල් හාරදහසක් වටිනා පෙන් ඩ්‍රයිව්එකක්  අල්ලස් වශයෙන් ලබාගත් ග්‍රාම සේවා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු එම ග්‍රාම නිලධාරියාට අල්ලස් වශයෙන් පෙන් ඩ්‍රයිව් එක ලබාදීම සඳහා ඔහුගේ ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.