ගවයාගේ පිටන් ආ මරුවා දෙදෙනකු රැගෙන යයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් ශාන්ත පීටර් පීතර ජනපදය ප්‍රදේශයේදී ගවයෙකුගේ ඇඟේ ගැටී අනතුරුව ටිපර් රථයක් ගැටී ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.

බලංගොඩ සුනන්දාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි ත්‍රීරෝද රථ රියදුරු ගිහාන් ලක්ෂිත රණසිංහ (35) හා බලංගොඩ බුලත්ගම පදිංචිව සිටි උපුල් නිශාන්ත කුමාර 46 යන දෙදෙනා මෙසේ මියගොස් ඇත.

ඉංගිරිය සිට පාදුක්ක දෙසට තිරෝද රථය ධාවනය පාර හරහා ගමන් ගත් ගවයාගේ ඇඟේ ගැටී ත්‍රීරෝද රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ආ ටිපර් රථය හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .