(චන්ද්‍රසේන ගමගේ)
පොලිස් අණ නොතකා ගවයන් 26 දෙනකු පටවාගෙන යමින් තිබූ ලොරි රථයක් අද( 10) වීරකැටිය යග්ගස්මුල්ල ප්‍රදේශයේදී පොලිස්බාරයට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී ලොරියේ සිටි ගවයන්ගෙන් හය දෙනකු මිය ගොස් සිටි බවද පොලිසිය කියයි.
පොලිසිය ළඟාවනවාත් සමගම ගවයන් සමඟ ලොරිය දමා ලොරි රථයේ සිටි අය පලා ගොස් ඇති බව පොලිසිය කියයි . පොලිස් අණ නොතකා ගිය ලොරි රථය පසුපස හඹාගෙන ගිය අම්බලන්තොට පොලීසියේ රථවාහන නිලධාරීන් කිලෝමීටර් සීයකට ආසන්න දුරක් ගෙවා වීරකැටිය යග්ගස්මුල්ලේදී ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
පැන ගිය පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් තිබේ.