(බිමල් ශ්‍යාමන් ජයසිංහ , බී ජානක සහ එච්.එම්.ධර්මපාල )
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකු මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇතැයි කියයි.
මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචි විශ්ව නම් අයෙකූද වන බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වෙරළ පාර අසල පවිත්‍රතා කටයුතු සිදු කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි. ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඡායාරූප - බිමල් ශ්‍යාමන්
(ඡායාරූපය - එච්.එම්.ධර්මපාල)