ගල්කිස්ස උසාවියෙන් පැන ගිය ‘පොල්ගස්ඕවිට මාලන්’ අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පොලිස් නිලධාරීන් බාරයේ සිටියදී පළාගිය "පොල්ගස්ඕවිට මාලන්" නැමැත්තා අද (8) අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා පැවසීය.
 
සැකකරු විසින් අධිකරණයෙන් පලා යාමෙන් අනතුරුව  වෛද්‍යවරියකගේ මෝටර් රථයක් ,මුදල් පසුම්බියක්  සහ   යතුරු පැදි තුනක් සොරකම් කර තිබු බව පොලිසිය කියයි.