ගල්ඔය රක්ෂිතයේ නිධන් හැරූ හතක් මාට්ටු


(ක.ග.කරුණාරත්න)

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් හබරණ ගල්ඔය රක්‍ෂිතයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් 07 දෙනකු නිදන් හෑරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමඟ අද අලුයම අත් අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පුරාවස්තු සහිත බිමක් බවට සැකකළ හැකි එහි විශාල ගල් තට්ටු කඩා ඉවත්කර අඩි 06ක් පමණ ගැඹරැති වළක් හාරා ඇති බවද විමර්ශන සිදුකරන නිලධාරීහු කියති.

විශේෂ කාර්ය බළකායේ කන්තලේ කඳවුරට ලැබුණු තාරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත් අඩංගුවට පත් සැකරුවන් නාත්තන්ඩිය හෙට්ටිපොල, මීගලෑව,මින්නේරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.

වතුර මෝටරයක්,පොළොව අභ්‍යන්තරය පරීක්‍ෂාකලහැකි ස්කෑන් යන්ත්‍රයක් විදුලි ජනක යන්ත්‍රයක්,යාන්ත්‍රික ගල් විදිනයක්,වෙඩි බෙහෙත්,අලවංගු,බෝර කටු ඇතුලු උපකරණ තොගයක් අත් අඩංගුව ගෙන ඇති නඩු භාණ්ඩ අතර වන බවද පොලීසිය සඳහන් කලේය.