ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට අත්සන් 25ක්


(නිමල කොඩිතුවක්කු)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා අද(16)දිනය වන විට වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකු අත්සන් තබා ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, රවුෆ් හකීම්,ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් මාකර්, එස්. එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර අශෝක් අබේසිංහ,වරුණ ප්‍රියන්ත, කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා, මුජුබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, වඩිවෙල් සුරේෂ් , හෙක්ටර් අප්පුහාමි, ජේ සී අලවතුවල, එච්. එ්. හලීම් යන මහත්වරුන් ඒ සඳහා ඊයේ දිනයේදී අත්සන් තැබූහ.

විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම තවදුරටත් සිදු කරන බවත් කතානායකවරයාගෙන් වෙලාවක් ලද වහාම එම විශ්වාසභංග යෝජනාව භාර දීමට කටයුතු කරන බවත් විපක්ෂනායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.