
(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෙම මස 11 වැනි දින පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය කීය.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.

