
(තිලකරත්න දිසානායක)
නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ආපදාවට ලක්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදාදීමට වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදෙනු ලැබීය.
වැඩ බලන මහ කොමසාරිස් අම්කොර් ගැබ්රියල් අයිසැක් මහත්මිය විසින් ආහාර තොගය ගම්පහ අතිරේක දිසාපති සුගත් කිත්සිරි මහතා වෙත බාරදීම සිදු කළ අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය කොමසාරිස්වරිය වෙත පැහැදිලි කළේය.
මෙම ප්‍රදානය රාජ්‍ය නොවන සංවිධානයක් වන අම්කොර් ආයතනය මගින් සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට එම සංවිධානයේ මූල්‍ය අධ්‍යක්ෂ දුමින්ද පෙරේරා, අතිරේක දිසාපති ආසිරි වීරසේකර, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ , සහකාර දිසාපතිනී නිලන්ති කුමාරි, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිම්මි විජේසූරිය, දිස්ත්‍රික් ආපදා සහන නිලධාරී ශ්‍රීමාල් කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


