
(තිලකරත්න දිසානායක)
මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
ගම්පහ , හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන ශෙනුල් සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , තමන් මෙම විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබූ බවය.
තම අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් රැකියාවක නිරත වෙමින් රටට සේවයක් කිරීම බවත් දරුවා සදහන් කළේය.

