
(යොහාන් භාසුර)
ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය.
ගම්පහ නගරය ඊයේ පස්වරුව වන විට අඩි දෙක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යටවී තිබූ බව කී එම උසස් පොලිස් නිලධාරියා එම ජල මට්ටම පිළිබඳව පොලිසිය ඇතුළු බලධාරීන් අවදානයෙන් සිටින බව ද සඳහන් කළේය.
බස් රථ තුළට ජලය ඇතුල් වන මට්ටමේ ජලය මට්ටමක් ගම්පහ නගර තුළ පස්වරුවේ තිබූ බවත් රාත්‍රියේ තව දුරටත් වර්ෂාව ඇඳ හැළෙමින් තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

