
(යොහාන් භාසුර)
ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කොළඹ සහ අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවිය.
කැලණි, ගිං සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව අපහසසුතාවට පත්ව සිටිති.
බියගම - කැලණිය මාර්ගය මල්වානෙන් ද, මාපලගම - පිටිගල මාපලගමින් ද, හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, නෙළුව ආදි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ලට මායිම්ව ප්‍රදේශ රැසක ගම්මාන ජලයෙන් යටවීමෙන් පවුල් රැසක් නිවෙස්වල හිරවී අපදාවට පත්ව සිටින බව වාර්තා වේ.
සිටිනාමළුව මහ වැව පිටාරගැලීමෙන් තංගල්ල - බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.
මීගහැත්න නාය ගිය අයුරු (ඡායා ප්‍රේමතිලක පෙරමුණ


රත්නපුර නගරය (ඡායා ලසන්ත නිරෝෂණ)


(නෙළුව නගරය ඡායා පී.ඡයවික්‍රම)



